ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ අතර ඒ මහතා සිය තීරණය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුම්වත් කර ඇති බව වාර්තා වනවා.
කපිල පෙරේරා මහතා ලේකම් ධූරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයය ද නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාල සේවයේ සිට රාජ්‍ය සේවය වෙත පැමිණ ඇති අතර රාජ්‍ය සේවයේ ඔහුගේ කාලය අවසන් වීමත් සමඟ මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ මහතා ලේකම් ධූරයෙන් ඉවත් වීමෙන් පසුව නැවත විශ්ව විද්‍යාල සේවයට එක්වීමට සුදානම් බවද වාර්තා වනවා.
කලකට පෙර කපිල පෙරේරා මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.