වැටුණු රුපියල නැවත නැගිටි

PranaNews.lk

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවැති ශ්‍රී ලංකා රුපියල අද (25) නැවත වරක් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මේ අනුව අද (25) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.01ක් වූ අතර එහි විකුණුම් මිල රුපියල් 336.42ක් ලෙස දැක්වෙනවා.

පසුගිය සතියේ සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් ලෙසිනි.