2010 සහ 2015 කාල සීමාව තුළ කොළඹ කොටස් වෙළෙඳපොලේ සිදුවූ බවට පැවසෙන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රකාශ ලබාදීම සඳහා සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් 5 දෙනෙකුට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කැඳවීම් කර තිබෙනවා.
මේ අනුව අද (12) පෙරවරුවේ දිලිත් ජයවීරගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ කොටස් වෙළෙඳපොළ තුළ සිදුවූ යැයි කියන වංචා සහ අක්‍රමිකතා පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර අදාළ සිදුවීම් මාලාව සම්බන්ධව ප්‍රකාශ ලබාදීම සඳහා ඉදිරි දින කිහිපයේ තවත් ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සිව් දෙනෙකුට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
නිමල් පෙරේරා, රෙනෝ ද සිල්වා, අශෝක් පතිරගේ සහ තරංග තෝරදෙණිය යන මහත්වරුන් මෙලෙස කැඳවීමට නියමිතයි.