අප අකමැති තත්ත්වයක් තුළ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.
මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩි බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලා සිටින්නන් පිරිසක් බවට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
"කරාපිටිය රෝහලට හදිසියේ භාර ගන්නට සිදුවූ වගකීම වැනි වගකීම් කවදා කොහොම කොයි ආකාරයෙන් තව කාට භාරගන්නට සිදුවේදැයි අපිට අනුමාන කිරීමට හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් අපේ රටේ ජන ජීවිතයට කළ හැකි බලපෑම අපිට කල්තියා අනුමාන කරන්න බැහැ. සැතපුම් දහස් ගණනක් ඈත තියෙන කරාපිටිය රෝහලත් මේ යුද්ධයේ දී මෘත ශරීරවලින් පිරී යන්න ගතවුණේ දවසයි. ඒ නිසයි අපි සූදානම් විය යුත්තේ. ඒ නිසයි අපි පූර්ව ආරක්ෂක උපක්‍රම භාවිත කළ යුත්තේ. හදිසි නීතිය පැනවීමෙන් අපිට අයන් ඩෝම් එකක් ලැබෙන්නේ නැහැ. හැකි පමණින් සූදානම්වීමට අවස්ථාව සැලසෙනවා"