මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව අද (17) දිනයේ දී මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.
ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසන්නේ මෙම නෞකාවෙන් මෙට්‍රික් ටොන් 97500ක් මෙරටට රැගෙන එන බවයි.
මේ අතර අමෙරිකාවේ සිට මෙරටට පැමිණීමට නියමිත තවත් ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ (16) දිනයේ ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබෙනවා.