මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එයි

PranaNews.lk

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා.

අදාළ බහුදින ධීවර යාත්‍රාව ඊයේ (16) දිනයේ දී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

මේ සමඟ යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගු දුර මෙහෙයුම් නෞකා ඒකකය මඟින් සිදුකල මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගැනුණා.

බහුදින ධීවර යාත්‍රාව තුල ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය පරික්ෂාවට ලක් කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව තිබෙනවා.