නාමල්ගේ නඩුව නිසා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කරයි

PranaNews.lk

කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එයාර් බස් ගනුදෙනුවට අදාළව සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

අදාළ නඩුව අද දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.